2


 කොහොමද ඉතින්... ඔන්න ආව තාක්ෂණික පැත්තෙන් ටිකක් අහක ගිහින් වින්දනීය පැත්තට බර දෑසට විඳින්න යමක් අරගෙන. දැනටමත් දනන්ව ඇති නේ.. අද ගෙනාවෙ TV Series එකක්. ''The Tomorrow People'' පිංතූරෙ දැක්කට මේ කතා මාලාව ගැන අදහසක් ලැබෙන එකක් නෑ. ඉතින් මෙන්න මෙහෙමයි මේ කතා මාලාව දිග හැරෙන්නෙ. (උපුටා ගැනීම බයිස්කෝප්LK තුලිනි)
  

''මම නමින් ස්ටීවන් ජෙමිසන්. තාම පාසල් ශිෂ්‍යයෙක්. එත් මෑතක ඉඳන් මට අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් අරන්. හිතා ගන්න බැහැ. යාලුවෝ හිතන්නේ මට පිස්සු කියලා මගේ හොඳම යාළුවා ඇස්ට්‍රිඩ් හිතන්නෙත් එහෙමයි. කවුරු හරි මට දුරක ඉඳන් කතා කරනවා ඇහෙනවා. ඒ දේවල් මට ඔලුව ඇතුලෙන් නිතර නිතර ඇහෙනවා. එත් මම දන්නවා මට එහෙම දෙයක් නැහැ කියලා. එත් හැමෝගෙම පෙරැත්ත නිසා මම මානසික රෝගියෙක් වෙලා ඒ බෙහෙත් බොන්න පුරුදු උනා. එත් මට මේ වෙන අමුතු දේවල් වල නම් අඩුවක් නැහැ. රෑට මගේ ගෙදර මගේ ඇඳ උඩ නිදාගන්න මට උදේ ඇහැරෙන්නේ අල්ලපු ගෙදර ඇඳකින්. කාමරයට ඇතුල් වෙලා ඉද්දි කොහොමද ඒ කාමරේ පිටින් අගුළු වැටෙන්නේ. මේ දේවල් වෙනවා මමවත් දන්නේ නැහැ. ඒ උනාට මේ දේවල් නතර වෙන්නෙත් නැහැ. මම තීරණය කලා මගේ ඔලුව ඇතුලේ මට කතා කරන ඒ හඬට ඇහුම් කන් දෙන්න…මේ තමයි හෙට දිනයේ මිනිස්සු එහෙමත් නැතිනම් The Tomorrow People ''

         මම කලින් කිව්වේ මෙහි ප්‍රධාන චරිතය ස්ටීවන් ගැන. ඔහු මේ අත්දකින අමුතු හැඟීම් ඔහුට ඔහුගේ පියාගෙන් දායාද වූ දේවල් ඒ අමුතු බලයක්. ඔහුගේ පියාට විශේෂිත බලයක් සහිත ජානයක් සතු වෙනවා. ඒ ජානය තමයි මේ ස්ටීවන්ට දායාද වෙලා තියෙන්නේ.එහෙත් ඔහුට මේ දේවල් අමුතුයි. ඒවාට ආධුනිකයෙක් ඒ ගැන කිසිම අදහසක් නැහැ. මොකද සාමාන්‍ය වැසියෙක් වගේ ජිවත් වෙලා අමුතු දේවල් සිද්ධ වෙන කොට. මේ නිසා ඔහු තීරණය කරනවා ඔහුට කතා කරන මේ අද්භූත හඬට අවනත වෙන්න. එහෙනම් බලමු නේද මොකද්ද මේ හඬ කියලා. ඒ වගේම බලමු මොකද්ද මේ අමුතු ජානය එකෙන් කරන්න පුළුවන් දේ මොකද්ද එහි ඇති ශක්තිය මොකද්ද. එතකොට ඇයි මේ අල්ලපු ගෙදර ඇඳෙන් උදේට නැගිටින්නේ කියලාත් 

  හරි ඔන්න ඔහොමයි කතාව.. මොකද කියන්නෙ පට්ටයි වගේ නේ. විද්‍යා ප්‍රභන්ද එහෙම නැත්තම් අත්භූත දේවල් වලට කැමති අපේ යලුවන් අනිවා බලන්න ඔනි සීරියස් එකක් තමා මේ. ඔන්න දැම්ම Trailer එක

         


 ඔන්න පහලින් බයිස්කෝප් එකට ගිහින් සබුත් එක්ක ඔක්කෝම සීරියස් ටික බලන්නකෝ. මමනම් එකපාර ඔක්කොම බාල බැලුවෙ :p [විශේෂ ස්තූතිය බයිස්කෝප්LK වෙත]


http://adbla.us/sq4tV
තප්පර 5 ක් ගියාම Skeep Add දෙන්න

ඔන්න එහෙනම් අපි කැපුනා. කමෙන්ට් එකක් ඔන්නම් දාගෙන පලයවු :p ලෙස පෝස්ටුවකින් හමුවෙමු
SHARE THIS POST :
                                                          Facebook Twitter Google+ Blogger Google WordPress

Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top