Home
»
facebook
» බුකිය වැහුවත් අපිටනම් ගානක්වත් නෑ Tor තියෙනකම්
මේ දවස්වල බුකිය අපේ රටට වහන්න යනවයි කියල බොහොම ප්‍රසිද්දයිනෙ... වෙයිද නොවෙයිද අපි දන්නෑ.. ඒත් වැහුවොත් ඒකට ලෑස්ති වෙලා ඉන්න එක හොදයිනෙ....
ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් හා ලමා පරපුර හා සංස්කෘතියේ මතු
ආරක්ෂාව සඳහා යැයි සුරංගනා කතා කියමින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය තහනම්
කිරීමේ සූදානමක් පවතින බව මෑත කාලයේදී නොයෙක් දෙනාගේ කථා බහට ලක්වූ
මාතෘකාවකි. එහි සත්‍ය අසත්‍යතාවය ගැන ආණ්ඩුව තවමත් නිල වශයෙන් කිසිවක් පවසා
නැති මුත් හදිසියේ ෆේස්බුක් සමාජ ජාලය ලංකාව තුල තහනමකට ලක්වුව හොත් වෙබ්
අඩවි තහනම් කිරීමේ තාක්ෂණික ක්‍රමවේද අභිබවා ෆේස් බුක් වෙත නැවත කිසිඳු
බාධාවකින් තොරව පිවිසෙන ආකාරය ඔබට කියා
දීම මාගේ අරමුණයි. මෙය කියවා අවසන් වූ විට ශ්‍රී ලංකාවේ ජනතාවගේ තොරතුරු
දැන ගැනීමේ අයිතිය දූෂිත නූගත් චෛරයෙකුට වුවමනා ආකාරයට වාරණය කල නොහැකි බව
ඔබට පැහැදිලි වනු ඇත.
තාක්ෂණික ක්‍රමවේද භාවිතා කර ෆේස්බුක් තහනම්
කල හොත් ඔබට සාමාන්‍ය ආකාරයට ෆේස්බුක් වෙත පිවිසීමට නොහැකි වනු ඇති අතර ඒ
වෙනුවට මා ඔබට වෙනත් ක්‍රමයකි ඉදිරිපත් කරමි. එනම් tor ජාලය භාවිතා
කිරීමයි.
Tor ජාලය යනු කුමක්ද ?
Tor ජාලය යනු ලොව පුරා සිටින
පරිගණක පරීශීලකයන්ට සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් සහ අවහිර කර ඇති
ඕනෑම වෙබ් අඩවියක් කරා කිසිඳු බාධාවකින් තොරව ඇතුලු වීමට ඉඩ සලසා දෙන
පරිගණක ජාලයකි. මෙය මුල් අවධියේ භාවිතා කෙරුනේ ඇමරිකානු නාවික හමුදාවේ
සන්නිවේදන කටයුතු ආරක්ෂාකාරීව කර ගැනීම සඳහා පමණක් වුවත් අද වන විට ලොව
ඕනෑම පරිගණක පරීශීලකයෙකුට නොමිලේ Tor ජාලය භාවිතා කිරීමේ හැකියාව ඇත. ජාලයේ
නිල වෙබ් අඩවිය වනුයේ - www.torproject.org වේ. අවශ්‍ය නම් එම වෙබ් අඩවිය වෙත පිවිස Tor ජාලය ගැන වැඩිදුර ඉගෙන ගැනීම කල හැක.
Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී සිදු වන්නේ කුමක්ද ?
Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී ඔබගේ සේවා සපයන්නා (SLT,
Dialog, Mobitel, Etisalat, Airtel, Hutch වැනි) හරහා ඔබ ප්‍රථමයෙන්ම
පිවිසෙන්නේ Tor ජාලය වෙතය. පසුව Tor ජාලය විසින් ඔබව ලොව පුරා විසිර ඇති
Tor ජාලයට අයත් කිහිපයක් පරිගණක හරහා ඔබව ෆේස්බුක් වෙබ් අඩවිය වෙත යොමු
කරයි. මෙහිදී සත්‍ය වශයෙන්ම ඔබගේ සේවා සපයන්නා හට පෙනෙන්නේ ඔබ Tor ජාලය වෙත
පමණක් සම්බන්ධ වනවා යැයි කියාය. එනිසා සේවා සපයන්නා විසින් කර ඇති කිසිඳු
අන්දමේ තහනම් කිරීමකින් ඔබට බාධාවක් ඇති නොවේ. එනිසා ෆේස්බුක් පමණක් නොව
සේවා සපයන්නා තාක්ෂණික වශයෙන් අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් වෙත මෙම Tor
ජාලය හරහා පිවිසිය හැක.
ආණ්ඩුවට Tor ජාලයට පිවිසීමත් අවහිර කල හැකිද ?
නැත. Tor ජාලය විසින් භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේදයන් නිසා Tor ජාලය
කිසිවෙකුට සම්පූර්ණයෙන් තහනම් කිරීම සිදු කල නොහැක. මේ බව ඔවුනගේ වෙබ්
අඩවියේ පැහැදිලව දැක්වේ.
ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමට අවශ්‍ය වන්නේ මොනවාද ?
මේ සඳහා ඔබට Tor ජාලය විසින් සකස් කරන ලද Tor Browser Bundle මෘදුකාංගය අවශ්‍ය වේ. පහල ලින්කුවෙන් ඔබට මෙය බාගතකරගත හැක..
ඒ සඳහා එම වෙබ් අඩිවයට පිවිස එහි ඇති Download Tor මත ක්ලික් කර ලැබෙන
වෙබ් පිටුවේ Download මත ක්ලික් කිරීමෙන් ඔබට මෙය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත
හැක.
එමෙන්ම මෙම ලිපිය සකස්කල, එය පලකිරීමට අවස්ථාව ලබාදුන් Suneth සහෝදරයාට මගේ හදපිරි ස්තූතිය... ඔබේ වටිනා අදහසද එක්කරන්න අමතක කරන්න එපා.....
good work mcn.. thanks !
ReplyDeleteපට්ට පට පට lowthik තින්කන් fb eke thama thanks ela
ReplyDeletethanks a lot macho, krishan !
DeleteTor එක හොදයි.

ReplyDeleteඒත් , Tor එකේ පොඩි සීන් එකකුත් තියේනවා.
ඔය Tor එකේන් ඔය විධියට බ්ලෝක් කරපු සයිට් වලට යන්න දිල තියේන්නේ , ඒ ඒ අදාල දේවල් වල තොරතුරු , දත්ත ලබා ගන්න කියල කියනවා.
මොකද , Tor එක නිපද වෙන්නේ ඇමරිකානු හමුදාවට ඕන නිසයි. ඒ නිසා , ඒයාල ඒක භාවිතා කරල ගොඩක් කාලේකින් , අනිත් මිනුස්සුන්ට භාවිතා කරන්න දෙන්න ඇත්තේ , අර හේතුව නිසා වෙන්න ඇති කියලයි කියන්නේ.
ඒ නිසා , Tor එකේන් Facebook , Google , Twitter වගේ සයිට් වලට ගිහින් Email , Password ටයිප් කරල , ඒ සයිට් වලට යන්නේ බලා ගෙනයි !!
මම ඔය සීන් එක ගැන අහල තිබ්බ. ඒත් සුවර්එකක් තිබ්බෙ නෑ.. ඒක සිරා සිද්දියක්නම් අනිවා භයානකයි.. තෑන්කූ මචන් ඒක දැනුවත් කලාට... !!
ReplyDeleteහරි හරි සහෝ !!
Deleteමම කිව්ව දේ ගැනත් හිතා ගෙනම Tor භාවිතා කරන්න.
අනිවා.. බොහොම ස්තූතී !!
Deleteඑල එල !!
Delete